පෙනෙන ඔබත්, නොපෙනෙන ඔබත් අතර ඔබ කවුද?

මම මිනිසුන්ගේ ජිවිතේ පිළිබඳ පරික්ෂණ පවත්වනවා.මම පැහැදිලිව කියනවා. හැම මිනිහෙකුටම චරිත දෙකක් තියෙනවා බාහිර හා අභ්යෙඅන්තර කියලා. හරියට කෙනෙක්ගේ කමරයයි..බාහිර සමාජයයි වාඟේ ඕනම කෙනෙකුගේ පෞද්ගලිකත්වය සහ ගොඩක සැඟවුණු දේවල් දන්නේ කාමරය. මම ඒ කාමරයට බිත්ති ඔරලෝසුවක් හයි කරනවා. බාහිර සමාජය ගැන කතා කරන්න ඒ පුද්ගලයාගේ අතේ ඔහු කාමරයෙන් එළියට යනකොට අත් ඔරලෝසුවක් බඳිනවා. සමාජය ඉදිරියේ පොර ටෝක් දෙන අය ගෙදර ඇවිල්ලා තමන්ගේ කාමරය ඇතුළෙදි හැසිරෙන්නේ හරිම බොළඳ විදියට.දවසක් මේ පුද්ගලයට අත් ඔරලොසුව කාමරයේ අමතක වෙලා යනවා. ඉතිං මේ ඔරලෝසු දෙක කතාකරනව. එකිනෙකා මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඔවුන් දන්න දේවල් කියනවා.මම මේ පරික්ෂණය සඳහා යොදාගන්න පුද්ගලයගේ නම කපිල.

ඇඳ උඩ ජංගම දුරකතනය හා චේගුවේරාගේ ටී ෂර්ටය අඳින ගමන් දුරකතනයට පිළිතුරු දෙයි.

‘ඔන් ද වේ පැටියෝ,විනාඩි 10යෙන් මම එනවා.‘

ඔහු සපත්තු පළඳින අතර කුඩා පෙට්ටියකින් මුදල් පසුම්බිය හා අත් ඔරලෝසුව ගෙන ඇඳ උඩට දමයි. කපිල හදිසියට මුදල් පසුම්බිය පමණක් ගෙන කාමරයෙන් පිටවේ. මම බිත්ති ඔරලෝසුව පෙළඹෙව්ව කතාව පටන් ගන්න. අත ඔරලෝසුවත් වැඩේ අත් ඇරියෙනෑ.

බිත්ති ඔරලෝසුව

අදත් අමතක වෙලා ගියා නේද? මම ඔයාට කිවුවේ කපිල කියන්නේ මොනවගේ චරිතයක්ද කියලා.

 අත් ඔරලෝසුව

ඔහෙම කතා කරන්න එපා යාළුවා. කපිලට මට වඩා වැදගත් දේවල් ගොඩක් තියෙනවා. ඔයා ඉතින් ළිඳේ ඉන්න ගෙම්බා වගේ මේ බිත්ති හතර ඇතුළේ වෙන දේවල් බලාගෙන බොරුවට කෑගහනවා.

 බිත්ති ඔරලෝසුව

ඔන්න ඔතන තමා ඔයා වරද්ද ගත්තේ. මේ බිත්ති හතර ඇතුළේ තමා ඇත්ත කපිල හැංගිලා ඉන්නෙ. ඔයා දන්නෙ සමාජයේ ජිවත් වෙලා ඉන්න කපිල ගැන විතරයි. ඒක ක්‍රියේට් කරපු චරිතයක්.

 අත් ඔරලෝසුව

ඔයාට එහෙම කියන්න තියෙන පොයින්ටිස් මොනවද?

 බිත්ති ඔරලෝසුව

පොයින්ට්ස්…. මම කපිලව දකින විදිය එයාට කියන්නම්. ඔයා කපිලව දකින විදියටම කියන්න එතකොට අමුතුවෙන් පොයින්ට්ස් ඕන නෑ මිනිහව අඳුරගන්න.

මේ විදියට දෙන්නගෙ කතාබහ ගොඩක් දුර ගියා. මගේ වැඩේ සාර්ථකයි වගේ……බලමු ඉස්සරහට මොනවද වෙන්නෙ කියල.

තවත් දවසකට ඉර පැයුව. කපිල අලුත් විදේශීය හිස් අරක්කු බෝතලයකට සුදු පැහැති දේශිය අරක්කු පුරවයි. මෙය සිදුකරන්නේ කාමරය තුළය. බිත්ති ඔරලෝසුව මේ දෙස බලා සිටීයි…ඊට පස්සෙ මිනිහ ඒ බෝතලේ අරගෙන එළියට ගිහින් යාළුවෝ එක්ක බොන්න පටන් ගත්ත…ඔහු විදේශිය මත්පැන් බෝතලය පෙන්වමින් සන්නාමයක ඇති වැදගත්කම පිළිබඳ සාකච්ඡා කරයි.

මචන් අපි හැම වෙලාවෙම බලන්න ඔන අපිටම කියල දෙයක් ගොඩ නගාගන්න. දැන් මම බලපන්. මම බොන්නේ මේ බිරෑන්ඩ් එක විතරයි. මම බොන්න යන තැන මේ බ්‍රෑන්ඩ් එක නැත්නම් මම ගෙදරින් බෝතලයක් අරගෙන යනවා……

එතකොට මිනිස්සු දැනගන්නවා මම පාවිච්චි කරන්නෙ මේව විතරයි කියලා. මේ කතාව අහගෙන හිටිය අත් ඔරලෝසුව .

ඊ ළඟ දවසටත් ඉර පෑයුවා. බලමු අද කපිල මොකාටද එන්න හදන්නෙ කියලා. කපිල තරුණියක් සමඟ මෝටර් රථයෙන් ගමන් කරයි. ඔහු අත් ඔරලෝසුව පැළඳ සිටියි. කපිල ලාංකීය සමාජය ශිෂ්ට සම්පන්න සමාජයක් නොවන බවට කරුණූ ගෙන එයි. තරුණිය පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටියි.

දැන් බලන්න නංගී සුප්පා දේවියට හොඳයි සිංහයෙක් එක්ක නිදාගෙන ළමයි හදන්න. කතාවට කියන්නෙත් සිංහ ලේ කියන එක තමයි සිංහල වුණා කියලා. මං කියන්න ආවේ ඒක නොවෙයි,සුප්පා දේවියට පුළුවන්නම් ඇයි අපේ කෙල්ලෙකුට බැරි සතෙක් එක්ක නිදාගන්න?.

කපිල සහ තරුණිය කාමරයේ ඇඳ උඩ නිදා සිටියි. කපිලගේ පෙම්වතියගෙන් දුරකතන ඇමතුමක් පැමිණෙයි. ඇඳ උඩ නිදාසිටින තරුණියට නිහඞවන ලෙස අතින් සන් කරමින් ඔහු ඇමතුමට පිළිතුරු දෙයි.

“පැට්ට, මන් ගොඩක් බිසී. ඉම්පෝටන්ට් මීටින් එකක ඉන්නෙ. මීටින් එක ඉවර වෙලා කෝල් කරන්නම්.” මේ සියල්ල අසා සිටින්නේ බිත්ති ඔරලෝසුවයි. ඔන්න ආයෙමත් දවසකට ඉර පායල. කපිල ගීතයක් කියමින් වාදනය කරයි. තවකෙනෙකු ගිටාරය වයයි. ඔහු ගයන්නේ ඔබේ නමින් සෑය බඳියි ගීතයයි. අත් ඔරලෝසුවද කපිලගේ ගායනයෙන් මුසපත්ව ගීතය අසා සිටියි.

කපිල කාමරය අස් කරමින් සිටියි. ඇඳ යට මල් පුවත්පත් කිහිපයක් වැටී ඇත.ඔහු ඒවා ගෙන නැවතත් මෙට්ටය යටට දමයි.අසල ඇති ස්පීකරවලින් ගීතයක් වාදන වන බව පෙනේ. වාදනය වන්නේ සුදු අරලියා මල ගීතයයි. බිත්ති ඔරලෝසුව ඔහු දෙස බලා සිටින්නෙ උපේක්ෂා සහගත බැල්මෙනි.

ඉර තවත් දවසක් කපිලට ගෙනාවා. මෙතැන සාක්ෂිකාරයා වෙන්නෙ අත් ඔරලෝසුව.

කපිල තම පෙම්වතිය දුලා සමඟ රේල්පාරේ ඇවදිමින් කතා කරමින් ඉදිරියට පැමිණේ. ඔහු කතා කරන්නේ තමන් විසින් තම පෙම්වතියට ලබාදෙන නිදහස සහ ඇගේ පෞද්ගලිකත්වය පිළිබඳවයි.

‘මම නම් පටු විදියට හිතන්නේ නැහැ.කොල්ලට පුළුවන් නම් කෙල්ලෝ දහයක් එක්ක යාළු වෙන්න, කෙල්ල කොල්ලෝ දෙනනෙක් එක්ක යාළු වුණාම මොකද වෙන්නෙ. ඔය අනිත් උන්ට වගේ ලිංගික කුහකත්වයක් මට නැහැ.‘

කපිල කාමරයේ ඇඳ උඩ වාඩිවී පරිගණකය හරහා ෆේස්බුක් වෙබ් අඩවියට පැමිණෙ. ඔහු ලොග් වන්නේ දුලාගේ ගිණුමටයි.තරුණයකු එම ගිණුමට හායි කියමින් චැට් එකට පැමිණේ. ඔහු එම තරුණයාගේ සහ දුලාගේ පැරණි සංවාද පරික්ෂා කර බලයි. අනතුරුව තම දුරකතයෙන් දුලා අමතා පරුෂ වචනයෙන් බැන වදී.

‘පර බැල්ලී තොට ලැජ්ජ නැද්ද යකෝ කොල්ලෙක් ඉද්දි එෆ් බී එකෙන් කොල්ලොන්ට උම්මා දෙන්න. තෝ ඌව හම්බෙන්නත් එන්නම් කිව්වලු නේද? මේ තියෙන්නේ චැට් හිස්ට්‍රි එකේ කතාව ඔක්කොම. දැන ගනින් මම ඌව බාවල තෝවත් බාවනවා. මන් එහෙව් එකා හරිය.ඬ බ්ත්ති ඔරලෝසුව කපිල දෙස බලා උපහාසයෙන් සිනාසෙයි.

අන්තිම දවසටත් ඉර පෑව්වා. කාමරය පුරා කොළ විසිරි ඇත. කපිල එදිනද අත් ඔරලොසුව අමතක වී කාමරයෙ දමා ගොසිනි. එහි වේලාව නතර වී ඇත. බිත්ති ඔරලෝසුව ක්‍රියාත්මක වේ.

 බිත්ති ඔරලෝසුව

යාළුවා මොකද ඔයාගෙ සද්දෙත් නතර වෙලා.

 අත් ඔරලෝසුව

තවදුරටත් සමාජය ඉදිරියේ බොරුවට ජිවත් වෙලා වැඩක් නෑ. ඇත්ත මේක නම් අපි ඒකට මුහුණ දෙන්න ඕන.

 බිත්ති ඔරලෝසුව

කපිලගේ විතරක් නොවේ අපි හැම කෙනාගෙම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගැන දන්නේ අදාළ කෙනා විතරයි.හැම දෙනාම ඇත්ත දැන ගත්ත දවසට සමාජයේ තැනක් නැතිවෙනවා.

 අත් ඔරලෝසුව

ඒක නම් ඇත්ත, මමත් මෙච්චර කල් හිතන් හිටියෙ කපිල කියන්නේ හෙන දාර්ශනිකයෙක් කියල. ගැඹුරක් තියෙන මිනිහෙක් කියලා…….බලාගෙන ගියහම පතුල පේන්නේ නැත්තේ ගැඹූර නිසා නොවෙයි. වතුර අපැහැදිලි නිසා.

 බිත්ති ඔරලෝසුව

ඔන්න ඔයා හරියට දෙයක් කිවිවා. එඅ අදහස නම් මසුරන් වටිනවා.

 අත් ඔරලෝසුව

ඔයා ඔය කියන්නේ මට අපහාසයටනේ. මන් කපිල මුලින් හොඳයි කිව්ව නිසා.ඒත් යාළුවා මතක තියාගන්න කැඩිච්ච ඔරලෝසුවක් වුණත් දවසට දෙපාරක් හරි වෙලාව කියනවා.

 

 

Advertisements

3 Comments Add yours

  1. Gayan says:

    මචන් මේ බ්ලොග් එක සුපිරි.උඹ කවුරු වුණත් දිගටම ලියපන්.

    Liked by 1 person

  2. dil says:

    supiri kathwak

    Like

  3. RanDil says:

    වැඩේ එතකොට කපිල ගෙදර ඉන්දැද්දි අත් ඔරලෝසුව කොහෙද හිටියේ?

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s