හාර්ට් රීඩිං සොෆ්ට්වෙයාර්

ඔක්කොටම කලිං මම මං ගැනම හැඳින්වීමක් කරල ඉන්නං නැත්නම් කියවන ඔහෙලට මේක බෝරිං වෙයි. මගේ නම අසේල දිසානායක පරිගණක විද්‍යාඥයෙක්. ලංකාවේ ඔහෙලට නං මගේ රස්සාවේ ඒ තරම් වට්නාකමක් නැතුව ඇති. ඒ වුණාට මයික්‍රොසොෆ්ට් ආයතනයෙ එහෙම මට හොඳ පිළිගැනීමක් තියෙනව. බිල් ගෙස්ට් මහත්තයත් මට පෞද්ගලිකව දෙතුන්පාරක් කතා කරල තියෙනව. එක එක වැඩවලට. පුංචි කාලෙ ඉඳල මට තිබුණ හීනයක් තමයි හිත් කියවන මැෂින් එකක් හදන එක කීප සැරයක්ම උත්සහ කරලත් සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් ඇවිල්ලා වැඩේ අවුල් වුණා. ඒත් අවසානයෙ මම සොෆ්ට්වෙයාර් එක හොයා ගත්තා. මට පුංචි ප්‍රශ්න වගයක් තිබුණා මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරස්ත්වය ගැන. එක නිසා කාටවත්ම මේ ගැන නොකියා අත්හදා බැලීමක් කරන්න මම තීරණය කළා. ඒකට මම මගේ ළඟම ඉන්න පිරිසක් එකතු කර ගත්තේ.

ඔබේ පහසුව වෙනුවෙන් මම ඔවුන් එක්ක කතාකරද්දි මට කියපු දේට අමතරව යටි හිතින් ඒ වෙලාවෙ මොනවද හිතුවෙ කියල වරහන් ඇතුළෙ ලියන්නං ඒ අය.

මුලින්ම අම්මා

අම්ම ගැන හැඳින්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ කියන එක තමයි මගේ හැඟීම. මගේ අම්මගෙ නම කමලා සමහර විට ඔබේ අම්මගෙ නම විමලා එහෙම නැත්නම් මල්කාන්ති වගේ නමක් වෙන්න පුළුවන්. ඒත් අම්ම කියන කන්සෙප්ට් එක ඇතුළෙ අම්මල එකයි.

“ තාම ඔය හොයාගන්න හදන යන්තරේ සාර්ථක වුණේ නැද්ද මයෙ පුතෙ “

“මං හිතන්නේ අම්මේ තව සති දෙක තුනකින් වැඩේ හරියාවි”

(අනේ පව් මගේ කොල්ල කන්නෙ බොන්නෙත් නැතුව නහිනව)

“මයෙ පුතා කොහොමත් දස්සයනෙ. චුටි කාලෙම මොනතරම් දේවල් කළාද?”

(තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කොල්ලගෙ වැඩ සාර්ථක වෙන්න ඕනෙ.)

“ අම්ම ගහින් නිදාගන්න දැං රෑ දෙකත් පහුවෙලා.”

ඊ ළඟට කෙල්ල

මට මගේ පෙම්වතිය මුණගැහුණෙ ක්ලාස් එකේඳි ඇත්තම කිව්වොත් එයා මගේ ගෝලයෙක්. හරිම ලස්සනයි. ඒ වගේම හුරුබුහුටියි. යාළු වෙච්චි මුල් කාලේ සර් කිව්වට දැන් නම් කට පුරා අසේල කියනව. ආදරේ වැඩි වුණාම ඉතිං මට කියන්නේ ලව්බෝලෙ කියල .” අසේල ,ඩාලිං ඔයා එනව නේද අපේ කසින්ගේ ඩ්නර් පාර්ට් එකට.”

“ ෂුවර් නෑ පැටියෝ ඔයා යන්න මගේ සොෆ්ට්වෙයාර් එකේ අන්තිම හරියේ මම ඉන්නේ “

( මේ යකාට ඉතිං සොෆ්ට්වෙයාර් එකෙන් තොර ලෝකයක් නෑනෙ. මොන කරුමයක්ද මන්දා මටත් පලදෙන්නෙ. කොහොමහරි චාටු කරලා අරගෙන යන්න ඕනි.)

“ අනේ පැටියෝ ෆස්ට් ටයිම් ඔයාට මගේ කසින්ස්ලා මීට් වෙන්නේ ඔයා සෙනසුරාදා ෆී‍ නිසාමයි එදාට දාගත්තේ”

“ඔයා දන්වනේ ඩාලිං මට ඔය පාර්ටි හරි බෝරිං කියලා. අනෙක ඔය පාර්ටිවල කෙරෙන්නෙ එක එක්කෙනාගේ බොරු පුරාජෙරු කියවන එක විතරයි.”

(මූ නම් මහ පුදුම ලෝබයෙක් ප්‍රසන්ට් එකක් අරගෙන දෙන්න වෙයි කියලා තමයි ඔය ලෝබකම් කරන්නේ.ඒව කොහෙද මාත් එක්ක අද මං දෙකෙන් එකක් බේර ගන්නම්කෝ)

“ ඔයා මේ පාටියට එන්න ඕනෙමයි. නැත්නම් අපේ අම්මලට කියනවා මේක කරන්න බෑ කියලා.”

“ඔහොම පොඩි ළමයෙක් විදියට හිතන්න එපා. මම පාර්ටියට එන්න බෑ කියන්නේ ගෙදරට වෙලා නිකම් බුදිය ගන්න නොවෙයිනේ.මම මේ සොෆ්්ට්වෙයාර් එක හොයාගත්තම ඔයාටත් ආඩම්බර හිතෙවි.”

(ඕක හොයාගන්නකොට මුත්තා බුදු වෙයි.මුට සයිකොද කොහෙද?)

“ඒක ඇත්ත බොලේ ඒ වුණාට ඔයා චුට්ටක් මං ගැනත් හිතන්නකෝ.මාත් ආස නැද්ද ඔයා එක්ක එහෙම පාටිවලට යන්න”

“ හරි හරි යංකෝ එහෙනම්. හැබයි වැඩි වෙලාවක් ඉන්න බෑ හරිද?”

(ඉස්සෙල්ලා යමංකෝ. එන වෙලාව තීරණය කරන්නේ මමනේ.)

“ හරි ලව්බොලේ මුණ පෙන්නුවා ආවා.මටත් ඔය පාර්ටි හරි බෝරිං”

ඊටත් පස්සේ සිරාජ්

සිරාජ් කියන්නේ මගේ ඇසිස්ටන්ට්. දක්ෂයා එක පාරයි කියන්නේ ඕන දෙයක් තේරුම් ගන්නවා. හැබයි පොඩ්ඩක් කලබලයි. මාගේ පරීක්ෂණ වෙනුවෙන් උදේ රෑ නැතිව මහන්සි වෙනවා. ඒකට සාධරණ මුදලක් මං ගෙවනවා තමයි. බොස් කෙනෙක් විදියට මම 100ක් සිරාජ්ගේ සේවය ගැන තෘප්තිමත් හැබයි මම සොෆට්වෙයාර් ඒක හොයාගෙන ඉවරයි කියන එක සිරාජ් තවම දන්නේ නෑ. මිනිහා හිතාගෙන ඉන්නෙ අනෙක් අය වගේම වැඩේ අන්තිම හරියේ මම ඉන්නේ කියලා.

“සිරාජ්, මයික්‍රොසොෆ්ට් සමාගමට මේල් එකක් යවන්න තව සති 02කින් අපේ වැඩේ සේරම ඉවර වෙනවා. අපි එයාලව මීට් වෙන්න එනවා කියලා. “

(මූ මාව අන්දනවද කොහෙද? මට නම් හිතෙන්නේ මූ දැනටත් සොෆ්ට්වෙයාර් එක හොයාගෙන ඉවරයි. මෙතැනින් එහාට වැරදිලාවත් හිතින් බනින්න හොඳ නෑ.)

“ ඩෙෆිනීට්ලි සර්. විනාඩි 05ක් ඇතුළත මම එඅ වැඩේ කරන්නම්. විහිළුවටත් එක්ක වගේ අහන්නේ සර්. මයික්‍රොසොෆ්ට් යනකොට මාවත් එක්ක යනවා නේද? “

“ නැතිව , සිරාජුයි මායි තමයි යන්නේ. පාස්පෝට් එහෙම ලෑස්ති කරලා තියා ගන්න.”

(මේ වගේ සර් කෙනෙක් හම්බවෙන්න මොන තරම් වාසනාවක් තියෙන්න ඕනිද? ඇත්තම කිව්වොත් අපේ සර් නම් දෙවියෙක්. දැන්ම ඉඳලා එහෙම හිතන්න පුරුදු වෙන එක හොඳයි. නැත්නම් මේ යකා ඔය සොෆ්ට්වෙයාර් එක සොයාගත්ත ගමන් ඉස්සෙල්ලම එල්ලලා ගහන්නේ මට, ඇයි ඉතිං එතකොට උගේ කෙල්ල දිහා මං බලනවා කියලා මාට්ටු වෙනවානේ)

ඊටත් පස්සේ අපෙ අක්කා

මට ඉතිං සහෝදරයකුටත් සහෝදරියකටත් ඉන්නේ ඔච්චරයි. අක්කා වුණත් ඉතිං කියන්න තියෙන දේ කියන්න ඕනි. පරිප්පුවලට කිරි දාන්න පොල් ගෑවහම පොල් මිරිකලා ඉතුරු වෙන කුඩු ට්කත් විසික් කරන්නේ අපරාදෙනේ කියලා සම්බෝලයක් හදනවා.

“ මල්ලී, ඔය නොකෙරෙන මඟුල් නවත්තලා අර සින්න වෙන්න යන අම්මගේ රත්‍රන් බඩු ටික බේර ගන්න විදියක් කල්පනා කරනවා.”

(පුදුම මිනිහෙක් තමයි පරීකාෂණ පරීක්ෂණ කිය කිය ගෙදර තියෙන සේසතම විකුණ විකුණා අර සිරාජ් කියන පිංගුත්තරයට පඩි ගෙවනවා.)

“ හරි අක්කේ තව සති දෙකකින් මගේ වැඩේ සාර්ථක වෙනවා එතකොට ඔක්කොමලම ගොඩ”

“ එහෙනම් කමක් නෑ ඉතිං ඒත් අනුන්ගේ හිත් කියවන්න කලින් තමන්ගේ හිතට කතාකරල බලන්න තමන්ගේ අතින් වෙන්න ඕනි යුතුකම් ඉෂ්ට වෙනවද කියලා.”

(මුගේ ඔය සුකුරුත්තම් සොෆ්ට්වෙයාර් එක සොයා ගත්තහම අපට කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.)

අන්තිමට කලින් මාගේ යාළුවා

ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි දෙන්නා එකටමයි සිටියේ. යාළුවා කියන වචනේ පරිසාමාප්ත අර්ථයෙන්ම භාතිය හොඳ යාළුවෙක්.

“ මචං භාතිය තව සති 02ක් යනකොට මම මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා.”

“එළකිරි මචං. උඹේ ටාර්ගට් ඇචීව් කරන එකගැන මට ගොඩක් සතුටුයි.”

(අසේලය හිත හොඳ එකා ඌට හරියන එක මොනතරම් හොඳද?)

“ආ……. අසේල. දැන්ද ආවේ. කොහොමද ඉතිං” ඒ අසේලගෙ වයිෆ් මිහිරි.

“ඔව් මිහිරි මේ ආව විතරයි. ඉතිං කොහොමද?”

(අනේ ඇත්තටම භාතියට කලින් මට අසේලව මීට් වුණා නම් .මොනතරම් දැනුමක් කියන මනුස්සයෙක්ද? ඒකට අපේ එක්කෙනා. දෙකයි දෙකයි හතරයි කිව්වාම මගේ මූණ දිහා අමුතු විදියට බලනව ෂුවර්ද කියලා අහන්න වඟේ)

“ දෙන්න කතා කර කර ඉන්න මම බොන්න මොනවහරි හදාගෙන එන්නං”

මට හැම දේ ගැනම අවසානයේ කළකිරුණා.ඇත්තම කතාව මම මේ සොෆ්ට්වෙයාර් එක එළියට දැම්මොත් ලෝකෙම විනාශ වෙනවා. සියලු සම්බන්ධතා විනාශ වෙනව. මම මෙමරි එක ඩිලීට් කරද්දි දැක්ක මෙච්චර වෙලා රීඩ් නොකරපු ෆයිල් එකකුත් අම්මට සිරි ඒ මගේ එක හැබයි එක එක්කෙනා ගැන ඒ වෙලාවෙ ඇතිවුණ සිදුවීමේ සමරිය විතරයි තිබුණේ.

  1. අම්මා – සොරි අම්මේ. මේ වේලාවේ මට ඔයාට බොරු කියන්න වෙනවා.
  2. කෙල්ල – මේ ගෑනිට නම් පිස්සු ඒත් පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ. කූල් ඩවුන් එකේ ඉන්න ඕනෙ.
  3. සිරාජ්- කාලකණ්ණියා මගෙන් පඩි අරගෙන මගේ කෙල්ලට ලයින් දානව එහෙනම් ආ…….
  4. අක්කා – ලෝභකම ෂුවර් එකට එන්න ඇත්තේ අම්මගෙ පෙන්ෂන් එක ඉල්ලගෙන යන්න වෙන්න ඇති.
  5. යාළුවා – මට හරි ගියොත් උඹටත් සලකනව මචං.
  6. යාළුවගෙ බිරිය – ඇවිදිනකොට උකුල හෙලවෙන ලස්සන බලන්න ආසයි.

ආපෝ….මේ සොෆ්ට්වෙයාර් එක අතිශය භයානකයි. දැන්ම ටෝටලි ඩිලීට් කරල දාන්න ඕනෙ තියන ඔක්කොම ෆයිල්ස්.

 

 

Advertisements

2 Comments Add yours

  1. Sepali says:

    I read all your articles. Those are very nice. Very interesting to read. May you get more energy and blessings to write much more valuable articles.

    Like

  2. Manusha says:

    Eka aththa… e sofwear eka hariyanne ne thama..

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s