“රාජසිංහ ඇතුළට දානවානං අපිත් එක්කම දාන්න” – බිසෝවරු උද්ඝෝෂණය කරයි

F.C.I.D එකට ගණ දෙවියන් වඩම්මන්න කියලා ලැබෙන කන්නලව් ප්‍රමාණය ඉවරයක් නෑ. අපි උන්වහන්සේ සම්බන්ධ කරගන්න ගත්ත උත්සාහයන් කීපයක්ම අසාර්ථක වුණා. එතුමාගේ නිත්‍ය නියේජිතයෙක් ලංකාවේ ඉන්නව ලු. අවශ්‍යමනං එයාව සම්බන්ධ කරගන්න කියලා අවසානයේ පණිවිඩයක් ආවා. පස්සේ ඒ වැඩේ ටික දවසකට කල් දලා අනිත් ෆයිල් බලද්දී තමයි දැක්කේ දෙවන රාජසිංහ රජතුමාට, ඒ කියන්නේ රාසිං දෙයියන්ට දෙයියනේ කියලා ෆයිල් අම්බානක තියනවා කියලා. පයිණ්ඩකරුවෙක් අතේ සිතාසි යවලා අපි ඔහුව F.C.I.D කැඳෙව්වා. ආවේ නිකංනං නෙවෙයි, අන්ත–පුරේම අරගෙන. රජතුමා F.C.I.D කැඳෙව්වට විරෝධ පලකරලා බිසෝවරු උද්ඝෝෂණයකුත් කරා. අපිත් ආයේ ඇරියේ නෑ කඳුළු ගෑස් ගහලා වතුරත් එක්ක පිරිස විසුරවා හැරියා. බිසෝවරු දුවද්දී, නෑ එක්කො ඒවා ඕන නෑ. ඒවා ලියලා F.C.I.D එක බල රහිත කරගන්න ඕන නෑ. කෙලින්ම කතාවට බහිමු.
ඔබ එක්වරක් අන්ත–පුර ස්ත්‍රීන් ජල ක්‍රීඩා කරන විට කවියෙන් වාදයක පැටළුන බවට ඇසින් දුටු සාක්ෂි තිබෙනවා.
ඇසින් දුටු සාක්ෂි? හොඳයි එහෙනම් කැඳවන්න ඒ සාක්ෂිකරුවෙක්. අන්ත–පුර ස්ත්‍රීන් කවුද මා සමඟ වාද කරන්න. එතන දි කිසිම වාදයක පැටළුනේ නෑ. මම කවියක් කිව්වා, ඔවුන් ඒකට කවියෙන්ම පිලිතුරු දුන්නා. එච්චරයි.

මොකද්ද ඔබ කිව්ව කවිය?

සඳවත නිල් වරලස නිමල    නිලුපුලී
ඇඳ මා වතක් රණහස නිබඳ    තැලිපිලී
අද මා තලා අගනෝ නො මද    දියකෙලී
මැද මහනුවර ගුරුමය රණහස    බැබලී

හොඳයි එතකොට ස්ත්‍රීන් මොකද්ද කිව්වේ?

ජල සමුදා මා වැලි ගඟ බැස    ඉවරා
බල සමුදා ඇති සෙන්කඩ ගල    නුවරා
අපි කවදා මෙතැනින් නුවරට    ඉවරා
වදු දළ¼දා මන්දිරයට බැස    සොදුරා

ඔබ බොහොම නොහොබිනා වැඩක් කරා. තමන්ගේම ඇමති මණ්ඩලේ කෙනෙකුට රාජසභාව රැස්වුණ වෙලාවක තමන්ගේ බිරින්දෑවරුන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් තියනව ද කියලා ඇහුව මතක ද?
ඇයි ඒ සිද්ධිය මගේ ගිණුමට බැර කරන්නේ? ඒක වුණේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලෙ දී. එතුමත් හොඳ කවිකාරයා. රජතුමා ඇහුවෙ ඒ වෙලාවෙ දී,

ඇතකු කවුද වියමල සිදුරෙන් ගන්නේ
පොලව කවුද එක රථයෙන් පදින්නේ
අහස කවුද එක සලුවෙන් වහන්නේ
ලියක කවුද එක්සත් කරගෙන ඉන්නේ

කියලා. ඒ වෙලාවේ එතන හිටපු තරුණ නිලමෙ කෙනෙක් රජතුමාගේ අභියෝග භාරගෙන තමන්ගේ බිරිඳ ගැන තියන විශ්වාසයත් කවියෙන්ම කිව්වා.

ඇතෙකු මමයි වියමන සිදුරෙන් ගන්නේ
පොළව මමයි එක රථයෙන් පදවන්නේ
අහස මමයි එක සලුවෙන් වසන්නේ
ලියක මමයි එක්සත් කරගෙන ඉන්නේ

ඔබ ඒ විශ්වාසයට අභියෝග කරා. ඒ නිලමෙව පැරැද්දුවා. එහෙම නේද?
මම කිව්වේ එකපාරකුත්. මේ මගේ සිද්ධියක් නෙමෙයි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට වුණ දෙයක්. නමුත් මම ඒ වුණ දේවල් හැමදේම දන්නවා. ඊට පස්සේ මේ අභියෝගය භාරගත්ත නිලමෙව නිවසින් ගොඩක් අෑත ප්‍රදේශයක රාජකාරීවලට රජතුමා යවලා ඒ නිලමෙගේ වලව්වට බොහොම ලස්සන කඩවසම් තරුණ නිලමෙ කෙනෙක්ව යැව්වා. කොහොමින් කොහොම හරි මේ තරුණ නිලමේ අර අභියෝගය භාරගත්ත නිලමෙගෙ බිසවත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඔහුට රාත්‍රියක් ගත කිරීමට අවස්ථාව ඉල්ලා සිටිය ලු. මේ බිරිඳ බොහොම දැන උගත් දැනුම් තේරුම් තියන කෙනෙක්. ඇය ඔහුව රවටන්න තමයි සම්බන්ධයක් තියෙනවා වගේ හැසිරිලා තියෙන්නේ. ඉතින් මේ බිරිඳ කිව්ව ලු “මම ඔබගේ යෝජනාවට මනාපයි. හැබැයි ඒ අවස්ථාවේ දී කුටියේ සියලු පහන් නිවා දැමිය යුතුයි” කියලා. තරුණ නිලමෙවරයත් ඊට මනාපය පල කරලා. මේ බිරිඳ පහන් නිවා දැමූ පසු උපායශීලීව තමන්ගේ ගෙදර හිටපු මෙහෙකාරියව කුටියට යවලා. අර නිලමෙවරයා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ ආවේ අනිත් නිලමෙගෙ බිරිඳ කියලා. මේ තරුණ නිලමෙවරයා පසුදින මාලිගේට යන්න කලින් බිරිඳ දූතයන් අත පණිවිඩයක් යවලා මෙන්න මෙහෙම.

කලු උක් පඳුර මගෙ ‍ෙදාරකඩ තිබෙද්දී
රඹුක් පඳුර කා පොඩි කර සමාධී
මොකුත් නො දන්නා මිනිහෙක් එවා දී
ගොසින් තොපි කිවේ රජහට සිනා දී

ඔබගේ රාජ්‍යය සමය තුළ වැඩි වශයෙන්ම සිදුවෙලා තියෙන්නේ අන් ස්ත්‍රීන්ට කවි කියන එක ද?
ඇයි එහෙම කියන්නේ? මගෙ රාජ්‍ය පාලන සමය තුළ මොන තරං ආගමික, ශාසනික සේවයක් සිද්ධ වුණා ද? එහෙම වුණේ මම ප්‍රායෝගික රජ කෙනෙක් නිසා. මටත් තිබුණා ඕනනම් සිංහාසනේට වෙලා ඔහේ ඉන්න. මම මේ රටේ හැම නගරෙකම සංචාරය කරා. අඩුපාඩු අඳුර ගත්තා. අවශ්‍ය පිළියම් යෙදුවා.

එහෙනං ඇයි රටේ මිනිස්සු කැරලි ගහලා ඔබට ඝාතනය කරන්න උත්සාහ ගත්තේ?
මම වැරදි කරපු කිසිම කෙනෙක් නිකං ඇරියේ නෑ. දෙන්න පුළුවං උපරිම දඬුවම් ලබා දුන්නා. එහෙම නැතුව මේ වගේ සමාජයක මිනිස්සු හුරතල් කරල බෑ. එහෙම දඬුවම් වි¼දපු මිනිස්සුන්ගේ නෑදෑ හිතවතුන් තමයි මට විරුද්ධව කැරලි ගැහුවෙ. ඒ අතරෙ හිටිය ඒදඬුවෙරාල කියලා අධිපතියෙක්. මම නිල්ලඹ උපනගරයේ ඒ දවස්වල වාසය කරේ. කැරලිකාරයෝ මම හිටපු මාලිගාව වැටලුවා. ඒ වෙලාවේ මාත් එක්ක ගබඩා නිලය දරපු අලුවිහාරේරාල විතරයි. අපි දෙන්නම ශරීර ලක්ෂණවලින් පවා එක සමානයි. නිතරම දැකපු කෙනෙකුට ඇර වෙන කෙනෙකුට අපි දෙන්නා එක ළඟ ඉන්නකොට අඳුරගන්නත් බෑ කවුද රජතුමා කියලා. මම මගේ වස්ත්‍රභාරණ අලුවිහාරේරාලට දීලා ඔහුගේ ඇඳුම් මම ඇඳගෙන පෑල ‍ෙදාරින් පිට වුණා. කැරලිකරුවෝ මම කියලා හිතලා අලුවිහාරේ රාලව ඝාතනය කරලා.

ඔව් ඒ පිළිබඳව අලුවිහාරේ සන්නසෙත් සඳහන් වෙනවා. ඔබට හඟුරන්කෙත දී මහලු ස්ත්‍රියක් හොඳ අවවාදයක් දුන්න බවත් අපි දන්නවා.
ඇත්තටම ඔව්. ඇය මගේ ඇස් පාදා දුන්නා. මම වෙස්වලාගෙන හිටපු නිසා ඒ මහලු ස්ත්‍රියට මා හඳුනා ගැනීමට නො හැකිව “රාසිං දෙයියො පුදුම තණ්හාකාරයෙක්. තමන්ගේ සහෝදරයන්ගේ දේවලුත් උදුර ගන්නවා” කියලා තව ගොඩක් දේවල් මා පිළිබඳව අප්‍රසාදයෙන් කතා කරා. රටේ ජනතාව මාලිගයට ඇවිත් මා ඉදිරිපිට මෙවැනි දේ නිර්භයව නො කියන්නේ ඔවුන් දඬුයම් විඳීමට ඇති බය නිසා. ඒත් ගම්මු, රටවැසියන් එකිනෙකා ඒ පිළිබඳව කතා වෙනවා. ඒ මහලු ස්ත්‍රිය මට රන් ඇතිලියක ආහාර පිළිගැන්නුවා. ඒත් ඇය දැනසිටියේ නෑ මම රජතුමා බව. බත් කා මම නැවත ගමන් අරඹා ටික දුරක් එන විට පසුපසින් පිරිසක් ලුහුබඳින්න පටන් ගත්තා. බලද්දි අර මට බත් දුන්න, අවවාද දුන්න ස්ත්‍රියගේ සැමියා ඇතුළු පිරිසක්.

ඔබ ඒ සියලුදෙනාම ඝාතනය කළා නේද?
ඔව් එහෙම කරන්න තිබුණා මම මනා ශරීර සෞඛ්‍යයකින් හිටිය නම්. ඒත් ඒ වෙලාවේ මම දුවලා බේරුණා. අහම්බෙන් වගේ මුණ ගැහුණ­ ස්ත්‍රියක් මට ඒ අවස්ථාවෙත් උදවු කරා. පසුව ඇයට ගම්වරයක් හා මා ලුහුබැඳ අයට දඬුවම් ද පැමිණෙව්වා.

බලාගෙන ගියාම ඔබට හැමදේටම උදව් කරලා තියෙන්නේ ස්ත්‍රීන්?
ඇයි එහෙම කියන්නේ? අලුවිහාරෙ රාල මා වෙනුවෙන් ජීවිතය පූජා කළේ. මම ඔහුගේ පුතණුවන්ට විශේෂ වරප්‍රසාද සහිත තනතුරක් පිරිනැමුවා.

ඒ ඔක්කොම හරියි කියමු. මේ බිසෝවරු අතරින් වැඩිම කැමැත්ත තිබුණේ කාට ද?
මම දන්නවා. ඔබ මාව චාටු කරලා අහගෙන ඒ බිසවගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නේද හදන්නේ? මම දන්නවා ඕවා කවදහරි වෙනවා කියලා. මේවා දේශපාලන කුමන්ත්‍රණ.

ඔබේ කාලේ ඇති වුණ යුද්ධ මොනවද?
ඉතිහාසේ සඳහන් දේවල්වලට අමතරව මාර සිද්ධි වුණේ නෑ. ඒත් සීතාවක එක්තරා අන්තවදී පිරිසක් සමඟ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා.

මොකද්ද ඒ සිද්ධිය?
මට ඒක හරියට මතක නෑ. මම ඒක දැක්කේ ඊට පසු දින මහාවංශය කියවීමෙන්. බිසෝවරු එළියේ බලාගෙන ඉන්නවා. මම අද ආවේ ඒ අයව දියත උයනට අරගෙන ගිහිල්ලා ඇවිදින මන්තීරුවල ඇවිද්දවන පොරොන්දුව මත. ඒ නිසා මං දැන් යන්න ඕන. ඉතිහාසයට ආපු දවසක එන්න ඒ පැත්තේ ඇවිල්ලා යන්න.

සුපුන් රත්නායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s