ඇලපාත මුදලි F.C.I.D ය මිල දී ගනි

උදේ F.C.I.D ඇවිල්ලා වැඩ පටන් ගන්න හදනකොට අපේ කාර්යාල කාර්ය සහයකයෙක් ඇවිත් කිව්වා ඇලපාත ධම්මරතන හාමුදුරුවෝ වැඩලා ඉන්නවා කියලා. මතක ඉතිහාසයේ එහෙම නමක් නිච්චි නැති නිසා මමත් ඔහු සමඟ පහලට ගියා. කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා බලන්න. ඔහෙ පලයං… මේ ඇලපාත මුදලිනේ. ගජමන් නෝනගේ සුපෙම්වතා. සිය කැමැත්තෙන්ම F.C.I.D පරීක්ෂණවලට ඇවිල්ලා. ඒත් පුංචි ගැටළුවක් තියනවා. ඇයි…

“රාජසිංහ ඇතුළට දානවානං අපිත් එක්කම දාන්න” – බිසෝවරු උද්ඝෝෂණය කරයි

F.C.I.D එකට ගණ දෙවියන් වඩම්මන්න කියලා ලැබෙන කන්නලව් ප්‍රමාණය ඉවරයක් නෑ. අපි උන්වහන්සේ සම්බන්ධ කරගන්න ගත්ත උත්සාහයන් කීපයක්ම අසාර්ථක වුණා. එතුමාගේ නිත්‍ය නියේජිතයෙක් ලංකාවේ ඉන්නව ලු. අවශ්‍යමනං එයාව සම්බන්ධ කරගන්න කියලා අවසානයේ පණිවිඩයක් ආවා. පස්සේ ඒ වැඩේ ටික දවසකට කල් දලා අනිත් ෆයිල් බලද්දී තමයි දැක්කේ දෙවන රාජසිංහ රජතුමාට, ඒ කියන්නේ රාසිං දෙයියන්ට දෙයියනේ කියලා…

කරුණාකර ඉතිහාසය නිවැරදි කරන්න – ඇහැලේපොල කුමාරිහාමි

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොල කුමාරිහාමි සමඟ දරුවන් තිදෙනා බෝගම්බර දී ඝාතනය කළ බව සුප්‍රසිද්ධ පුවතකි. මද්දුම බණ්ඩාර වීරයෙකු වන්නේ ද ඒ අවස්ථාවේ සිට ය. මේ සමූල ඝාතනයට හේතුව ඇහැලේපොල අදිකාරම රජුට විරුද්ධව ඉංග්‍රීසි සේනාංක සමඟ සටන් සංවිධානය කිරීම ය. රාජද්‍රෝහියෙකු අල්ලා ගැනීමට අපහසු වූ විට ඔහුගේ අඹුදරුවන්ට දඬුවම් කිරීමේ බලයක් නීත්‍යනුකූලව සිංහල රජවරුන්ට…

මාව ඇතුලට දාන්න එපා – ශ්‍රී වික්‍රම රාජසිංහ හඬා වැටෙමින් කියයි.

F.C.I.D එකට ලැබෙන ෆයිල් ගාණ අනන්තයි අප්‍රමාණයි. කොහොමත් මේ ඔක්කොම විභාග කරලා ඉවර වෙන්නනං තව අවුරුද්දක්වත් යනවා. ඒත් අපේ ප්‍රවීණ ගායක ඇන්ටන් රොද්‍රිගෝ ගීතමය පැමිණිල්ලක් එවලා තිබුණා. ඒකේ තිබුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා – අම්මා සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමි කරා කියලා. බලද්දි මද්දුම බණ්ඩාරගේ කේස් එක. ඒක පසුවට විභාග කරනවා කියලා හිතාගෙන…

රාජ්‍ය දේපල අවභාවිතා කිරීම නිසා පරීක්‍ෂණ නිමවෙන තුරු අන්දරේ රක්‍ෂිත බන්ධනාගාරයට

FCID එකෙන් ඉතිහාසාධිකරණයට අන්දරේගේ නො පැමිණීම දැන්නූ වහාම වැඩේ දෙල්වන බව දැනගත්ත නීතීඥවරුන් වහාම අන්දරේ භාරත දේශයෙන් ලංකාවට ගෙන්වුවා. අන්දරේ අපිව හොයාගෙන එනකොට එයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයි, ඒවාට උත්තරයි ඔක්කොමත් ලියාගෙන ඇවිල්ලා. අපි මේ බව යුවරජතුමාට දන්වලා අපේ ඉල්ලා අස්වීමේ ලිපිය එතුමාට යැව්වා. පස්සේ අන්දරේගේ අපිට කැමති ප්‍රශ්නයක් අහන්න කියලත් ඉල්ලා අස්වෙන්න එපා කියලත් ලියමනක්…

දස්කොන්ගෙන් FCIDය පැය 4ක් ප්‍රශ්ණ කරයි

අද F.C.I.D එකට එන්න කිව්වේ අන්දරේට. රජ වාසලෙන් කෝල් කරලා කිව්වා අන්දරේ, අද රජතුමා එක්ක භාරත දේශයට යනවලු. ඕන්නං අන්දරේගේ පුතාව එවන්නං කියලා. තාත්තා ඕන වැඩේට පුතාව යොදවන්න එපා කිව්වාම රජවාසල නිළධාරියාට තරහා ගිහිල්ලා පටාස් ගාලා ෆෝන් එක තිබ්බා. පැයක් ගියේ නෑ ෆැක්ස් එකක් ආවා. ඒකේ මුලින්ම තිබුණේ මෙහෙම. තව දුරටත් F.C.I.D පුවත්පත් විශේෂාංගය පවත්වාගෙන…

දුටුගැමුණු රජතුමා FCIDයට කැඳවයි

අටුවා ටීකා ටිප්පනි ඕන නෑ. ඔන්න නමෝ විත්තියෙන් F.C.I.D යෙ ප්‍රශ්න කිරීම්වලට දුටුගැමුණු රජතුමාව කැඳෙව්වා. පැය තුනක ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පිටවෙලා ගියා. ඒත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතිවුණ පරස්පරතා නිසා ඉතිහාසාධිකරණයේ තීන්දුවක් මත නැවත ඉතිහාසයට ගමන වළක්වන වාරණ නියෝගයක් ලබා ගනිමින් කාලාර්ත්‍රයේ ගමන් බලපත්‍රය ඉතිහාසාධිකරණය ළඟ තබාගත්තා. 01. ඔබ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මී…

නිව්ටන්ගේ තුන්වැනි නියමය

දවසකට කී පාරක් කණාණාඩියෙන් මූණ බලනවාද? නිකමටවත් හිතුවද ඇයි කණාණාඩියෙන් මූණ පේන්නේ කියලා. ආලෝකය වීදුරු ඇතුළෙන් ගමන් කරනවා. ඒ වුණාට වීදුරුව පිටිපස්සේ රසදිය හරි ගාලා තියෙන නිසා අර ගමන් කරපු ආලෝක කිරණ ආපහු එනවා. ඉතින් එතකොට අපිට අපිවම පේනවා.මේවගේ හැමදේකටම විද්‍යාත්මක හේතුවක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසේ.

පෙනෙන ඔබත්, නොපෙනෙන ඔබත් අතර ඔබ කවුද?

මම මිනිසුන්ගේ ජිවිතේ පිළිබඳ පරික්ෂණ පවත්වනවා.මම පැහැදිලිව කියනවා. හැම මිනිහෙකුටම චරිත දෙකක් තියෙනවා බාහිර හා අභ්යෙඅන්තර කියලා. හරියට කෙනෙක්ගේ කමරයයි..බාහිර සමාජයයි වාඟේ ඕනම කෙනෙකුගේ පෞද්ගලිකත්වය සහ ගොඩක සැඟවුණු දේවල් දන්නේ කාමරය. මම ඒ කාමරයට බිත්ති ඔරලෝසුවක් හයි කරනවා. බාහිර සමාජය ගැන කතා කරන්න ඒ පුද්ගලයාගේ අතේ ඔහු කාමරයෙන් එළියට යනකොට අත් ඔරලෝසුවක් බඳිනවා. සමාජය ඉදිරියේ පොර ටෝක් දෙන අය ගෙදර ඇවිල්ලා තමන්ගේ කාමරය ඇතුළෙදි හැසිරෙන්නේ හරිම බොළඳ විදියට.දවසක් මේ පුද්ගලයට අත් ඔරලොසුව කාමරයේ අමතක වෙලා යනවා. ඉතිං මේ ඔරලෝසු දෙක කතාකරනව. එකිනෙකා මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඔවුන් දන්න දේවල් කියනවා.මම මේ පරික්ෂණය සඳහා යොදාගන්න පුද්ගලයගේ නම කපිල.

සිරි යහනේ ලණු ඇහරි වදේ ගහන රෑ

“මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අපි ගොඩක් ආදරෙන් ඉන්නෙ. ඒත් ලංකාවෙ තාම අපි වගේ අයට කිසිම පිළිගැනිමක් නැ. මම ඔයාට වහනෙකුත් අරන් දෙන්නම්. අනේ ප්ලීස් ඩිවෝස් වෙන්න ඕන කියල නම් කියන්න එපා.”

හාර්ට් රීඩිං සොෆ්ට්වෙයාර්

ඔක්කොටම කලිං මම මං ගැනම හැඳින්වීමක් කරල ඉන්නං නැත්නම් කියවන ඔහෙලට මේක බෝරිං වෙයි. මගේ නම අසේල දිසානායක පරිගණක විද්‍යාඥයෙක්. ලංකාවේ ඔහෙලට නං මගේ රස්සාවේ ඒ තරම් වට්නාකමක් නැතුව ඇති. ඒ වුණාට මයික්‍රොසොෆ්ට් ආයතනයෙ එහෙම මට හොඳ පිළිගැනීමක් තියෙනව. බිල් ගෙස්ට් මහත්තයත් මට පෞද්ගලිකව දෙතුන්පාරක් කතා කරල තියෙනව. එක එක වැඩවලට. පුංචි කාලෙ ඉඳල මට තිබුණ හීනයක් තමයි හිත් කියවන මැෂින් එකක් හදන එක කීප සැරයක්ම උත්සහ කරලත් සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් ඇවිල්ලා වැඩේ අවුල් වුණා. ඒත් අවසානයෙ මම සොෆ්ට්වෙයාර් එක හොයා ගත්තා.

පිරිමි 6යි මාස 6යි

මම මොඩ්ලින් කළේ අවසානයේ නිළියක් වෙන්න බලාගෙන.ඉතින් මට චමින්ද මාරසිංහ වගේ ඩොක්ටර් කෙනෙක් කතා කළාම නොගිහින් පුළුවන්ද? එයාගෙන් තමයි නාලිකා වජිරා සුභා වගේ හිට් සෙට් එකක්ම එළියට ආවේ.මං හිතනනේ එයා මට කතා කරන්නේත් මෙගා එකක මේන් රෝල් එකකට. ආව් …….ආව්…… හරියටම කියපු වෙලාවට මම එතැනට ගියා. තව කෙල්ලෝ අට දෙනෙක් හිටිය මාත් එක්ක ස්ක්‍රීන් ටෙස්ට් එකට. ආපෝ………සමහර එවුන්